Monday, December 2, 2013

Werahara Workshop built "Lanka 1" Bus -- අපේ අය හදපු අපේම ලංගම බස් එක - "ලංකා 1"


ලං.ග.ම. පිළිබඳ ඉතිහාසය නොදන්නා අයට මතක් කර දීමට කුඩා පරිච්ඡේදයක් අප සතුව ඇත. ඒ සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවා ඇති අපේම “ලංකා 1” බස් රථය (23ශ්‍රී5812) ගැනයි. මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය.

1970 දී සමඟි පෙරමුණ බලයට පත් වීමෙන් පසුව තමයි ලං.ග.ම. ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ. එතකොට හිටිය ප්‍රවාහන ඇමති තමයි ලෙස්ලි ගුණවර්ධන මහතා. ඔහු හොඳ වාමාංශිකයෙක්. ඊළඟ ලං.ග.ම. සභාපති අනිල් මුණසිංහ. හොඳ ප්‍රගතිශීලී මහත්මයෙක්. ලං.ග.ම. උප සභාපති පර්සි ඇහැලියගොඩ. රටට ආදරය කල මහත්මයෙක්.

මේ කාලයේ ලකාවේම බස් රිය නිපදවීම ගැන උනන්දුවක් ඇති වුණා. එතකොට බස් චැසි ගෙනාවේ බ්‍රිතාන්‍ය ලේලන්ඩ් සමාගමෙන්. ඒ සඳහා වැය වූ අධික මුදල් සම්භාරය ලංකාවේම නතර කර ගැනීම මෙහි අදහස වුණා. ඒ පිළිබඳව සැලසුම් කර බලන විට ටයර්, කැළණියෙන්: දුනුකොළ, ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාවෙන්: බැටරි ලංකාවෙන්. මේ විදිහට බස් එකේ නිෂ්පාදන වියදමින් 75% ක් ලාංකික වුණා. පිට රටට‍ ගියේ 25% යි. ඒ, ඇන්ජිමටයි, ඇක්සල් දෙකටයි. මේ බසය තැනීමේ කර්තව්‍යයේදී වේරහැර ඩිපෝවේ සේවය කළ හෙක්ටර් ප්‍රනාන්දු (ඉංජිනේරු-සංවර්ධන සැලසුම්) හා විමල් ප්‍රේමරත්න (ලං.ග.ම. ප්‍රධාන ඉංජිනේරු) යන මහත්වරුන්ගේ ශිල්පීය ඥානය ප්‍රධාන වශයෙන් දායක වුණා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ බස් එකේ සැලැස්ම ලං.ග.ම. යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සැලසුම් ඒකකයේ සැලසුම් ශිල්පීන් ඇන්දා. එයින් දෙදෙනෙක් තමයි, එල්. සමරජීව සහ ජේ. ෂෙරිෆ් යන මහත්වරු. අපිට චැසිය හදන එක ප්‍රශ්නයක් වුණා. අපි විශාල ලෝහ බාල්ක දෙකක් ගෙන (වානේ සංස්ථාවේ නිෂ්පාදිත) චැසිය හැදුවා. එය බ්‍රිටිෂ් ලේලන්ඩ් චැසිය වගේම නොවුණත් හොඳ ආරක්ෂාකාරී ශක්තිමත් එකක්. පස්සේ ලෙස්ලි ගුණවර්ධන, අනිල් මුණසිංහ, පර්සි ඇහැලියගොඩ, නිමල් ප්‍රේමරත්න හා මම ඇතුළු පිරිස රියදුරු අබේවර්ධන සමග මේ චැසියේ නැගල කොළඹ වටේ ගියා. දැන් අනිල් මුණසිංහ මහත්තයට සතුටුයි. වැඩේ සාර්ථක බව උන්නැහැට වැටහුනා.


ඊට පස්සේ අපි මේ චැසියත් අරන් නාරාහේන්පිට එක්සැමිනර් කාර්යාලයට ගියා. එක්සැමිනර් කාර්යාලේ අය මේ චැසිය පරීක්ෂා කරලා කිව්වා ආඥා පනතට, ප්‍රමිතියට අනුකූල නැති නිසා අනුමත කරන්න බෑ කියල. අනිල් මුණසිංහ මහත්තයා උත්සාහය අතහැරියේ නැහැ. කාගෙන ගියා. එතකොට ඒ අය කිව්වා මේ චැසිය උඩ ටොන් 15ක බරක් පටවලා හැතැප්ම 3500 ක්‌ දුවල පෙන්නුවොත් අනුමැතිය දෙන්නම් කියලා. පස්සේ අපි චැසිය උඩ ටේලරයක් වගේ හදලා කළුගල ටොන් 15 ක් පටවලා එක්සැමිනර් කාර්යාලයේ නිලධාරීනුත් එක්ක ලංකාව පුරා, කඳු පල්ලම්, තැනිතලා පාලම්, බෝක්කු උඩින් හැතැප්ම 4000 ක් දුවලා පෙන්නුවා.එතකොට අනුමැතිය දුන්න.ලියා පදිංචි අංකය 23ශ්‍රී5812.

බස් චැසිය හදලා තියෙන බව අගමැතිනිය දැනගෙන අගමැතිනියටත් ඒක බලන්න ඕන වුණා. අපි චැසිය අරලියගහමන්දිරයේ පෝටිකෝව යටට අරගෙන ගියා. අගමැතිනිය බොහොම සතුටෙන් බස් චැසිය අතගාලා පුදුමයෙන් වගේ ඇහුව “මේ අපේ මිනිස්සු හදපු බස් චැසිය ද?” කියලා.

අගමැතිනියගේ, ප්‍රවාහන ඇමතිගේ, ලං.ග.ම.සභාපතිගේ අනුමැතිය මත පිට පළාත් වල ඩිපෝ වල කාර්මික අංශ වලිනුත් වේරහැර කරන මේ වැඩේට සහයෝගය ලැබුන. ඒ බස් එකට එයාර් හෝන් (නලාව) එකක් හදලා දුන්නේ මාතර ඩිපෝවේ කාර්මික සහෝදරයෙක්. මේ වැඩේ කරගෙන යද්දී අනිල් මුණසිංහ මහතා දිවා රෑ නොබලා අපත් සමඟ එකට හිඳිමින් අපව දිරිමත් කළා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ දුවත්, පුතාත් නිතර අපිට තේ හදාගෙන ආවා. හැම කෑල්ලක්ම මුල ඉඳල හොයන්න වුණ නිසා බස් ඒක තනා නිම කරන්න මාස 6 ක් විතර ගත වුණා.

කොහොමහරි වේරහැර සේවකයෝ එකා වගේ මහන්සි වෙලා බස් ඒක තනා නිම කළා. මේ තියෙන්නේ අපි හදපු බස් එක...! ඔහු පින්තූරය පෙන්වීය. බස් රථයට නමක් යෝජනා කිරීමේදීත් නමට එක එක්කෙනාගේ සම්බන්ධයක් නැති නමක් යෝජනා විය යුතුයි කියා කවුරුත් කීවා. පසුව කාගේත් කැමැත්ත ඇතිව “ලංකා-1” කියල බස් එක නම් කළා.
එවකට ලංගම සභාපති අනිල් මුණසිංහ මහතා ලංකා 1 බස් රථය ඉදිරිපිට. ඡායාරූප ස්තූතිය: විනෝද් මුණසිංහ මහතා  

අපි ඒ බස් එක මැයි පෙළපාලියටත් අරගෙන ගියා. මට මතක හැටියට ඒ 1972 දී. අපි බස් එකේ මංගල ගමන දාගත්තේ කතරගම යන්න. බස් එක හදද්දී කිසිම විවේකයක් නැතුව වැඩ කළ අපට දැන් විවේකයක් තියෙනවා. මේ අතරතුර මම විවාහ වුණා. විවාහයෙන් පස්සේ මම බිරිඳත් එක්ක මුලින්ම ගියේ කතරගම. මම මාතර ඉඳල අනිල් මුණසිංහ මහත්තයට ටෙලිෆෝන් කර දැනගත්තා බස් එක මාතරට එන වෙලාව. ඒ වෙලාවට අපි දෙන්නා මාතරට ඇවිත් බස් එකට එකතු වුණා. මේ තියෙන්නේ කතරගමදී ගහපු පින්තූර.


ඊලඟට අනිල් මුණසිංහ මහත්තයයි, ලෙස්ලි ගුණවර්ධන මහත්තයයි, මැතිනිය එක්ක සාකච්ඡා කරලා “ලංකා -1” වර්ගයේ බස් වේරහැර හදන්න තීරණය කළා. ඒකට අවශ්‍ය පහසුකම් සහිත ආසියාවේ දෙවන විශාලතම කර්මාන්ත ශාලාව වේරහැර තිබුණ. එතකොටත් වේරහැර වටිනාකම රුපියල් කොටි 35 ක් විතර. අපට අවශ්‍ය කාර්මික ඥානය සහ තවත් ආධාර සමාජවාදී රටවල් වලින් ලැබුණා.

ඉතින් ඇයි මෙච්චර පහසුකම්, ධෛර්ය්‍ය, රජයේ අනුග්‍රහය හෙම තියෙද්දිත් බස් තැනීම එක බස් එකකට සීමා වුණේ..?

මේවා ඔක්කොම සූදානම් කරගෙන කර්මාන්තයක් හැටියට බස් තැනීම පටන් ගන්න හදනකොටම 1977 දී ජේ. ආර්. බලයට පත්වුණා. ඒකයි වුණු නස්පැත්තිය. ඊට පස්සේ අපිව ලංකාව පුරා සීසීකඩ මාරු කරලා දැම්මා. ජාතික සේවක සංගමයේ මැර බලය බලවත් වුණා. විවෘත්ත ආර්ථිකය යටතේ ලං.ග.ම. ලෝක බැංකු නියෝග වලට යට වුණා. ආයිත් අර 1958ට කලින් තුබුණ වගේ බස් මුදලාලිලා බිහිවුණා...!

1977 එ. ජා. ප. ය බලයට පත්වීමෙන් පසු බස් තැනීමේ කර්මාන්තය මුළුමනින්ම ඇනහිටියා...! ඔහු එසේ කීවේ වේදනාවෙනි.

විවෘත්ත ආර්ථිය යටතේ ලං.ග.ම., ප්‍රා. ග.ම. වී,ජනතා සන්තක වී රිම් එකෙන් යන තත්වයට පත්වනතුරු වේදනාවෙන් බලාසිටි ඔහු 1991 ජනතාකරණය වූ ලංගම රොඩ්ඩෙන් ඉවත් විය. ඉවත්වන විට ඔහු විසින් ලබාගෙන ගෙවා නිම කර තිබූ ණය මුදල් තුනක් වෙනුවෙන් වැල් පොලිය කපාගෙන ඉතුරු සොච්චම ඔහු අතට දී තිබුණි. වසර 30 ක් සේවය කළ ලං.ග.ම. සේවකයන්ට උපහාර පිදීමේ දී ඔහුට පිළිගන්වා තිබූ තිලිණයක මෙසේ සඳහන් වෙයි. “1958-1988” තිස් වසරක සේවයට උපහාර” එය ඔහු වැනි තවත් සේවකයන් බොහෝ දෙනෙකුට තිලිණ කළ හිස් පිඟානකි.

පසු සටහන: ඔහු විසින් තනා නිම කළ “ලංකා -1” බස් රථය රත්මලාන ඩිපෝවට පවරා දී ඇති අතර එය වසර 07 ක් කොළඹ හා කතරගම අතර අඛණ්ඩව සේවයේ යෙදුන බව සැලයි. පසුව මෙම බස් රථය 1995 වසරේ කිසිදු සංරක්ෂණයකින් තොරව පරණ යකඩ වලට වෙන්දේසි වී ගොස් ඇත්තේ වත්මන් පරපුරේ, අපේම බස් රථයක ගමනක් යෑමේ සිහිනයද යකඩ කර විකුණමිනි. යම් හෙයකින් මෙම බස් රථය සංරක්ෂණය කර තිබුනේ නම්, අද එයට මුල්ම ජනසතු බස් රථයටත් වඩා වටිනාමක් ලැබෙනු ඇත. මන්ද ඒ තුල ගැබ්ව තිබී ඇත්තේ අපේම මිනිසුන්ගේ හැකියාව හා ධෛර්ය්‍ය නිසාම වන බැවිනි.

මෙම සම්පූර්ණ පුවත්පත් ලිපිය තම පුද්ගලික එකතුවෙන් ලබාගෙන අපවෙත ලබා දුන් තිලංක වැලිගම මහතාට විශේෂ සතූතිය. 

35 comments:

  1. apita me wage deyak e kale karanna puluwan nam ei ada me wage deyak karanne neththe. ayeth me wage wedak karanna patan gannawanam kochchara hondai da.e kale laankawa hodak wedagath ratak ne. me J.R yaka thamai meka kaala thiyenne .den inna ayath meka e wagema kanawa.
    apema bus ekaka api yanawa kiyana eka, anith eka api indian karayonta thawath salli yawana eka nawathwanna puluwan wena eka kochchara watina deyak da.

    ReplyDelete
    Replies
    1. ow! mewa digatama karagena aawanam ada apta apema bus wala yanna thibuna. indiyan ladi wenuwata! :(

      Delete
  2. අපිට බැරි නෑ. ඒත් මේ පාදඩ කාලකණ්ණි දේසපාලුවො ඉන්න කම් ගොඩ ඒමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්! මේ මිනිස්සු පෙන්නලා තියෙනවා අපිට පුළුවන් කියල! ඒත් ඒවායේ වටිනාකම දන්නේ නැති සත්තු වගේ එවුන්ට රට ගියහම ඒවා අභාවයට යන එක වලක්වන්න බැහැ!

      Delete
    2. හෙහ් හී..!! 1977 UNP ආන්ඩුව ආවේ නැත්නම් අදත් උඹල ඔක්කොටම දරු මල්ලො එක්ක හාල් පෝලිම් වල ඉන්න තිබ්බා..!!! උඹලගේ වයස කීයද?? 1977 දී තිබුන තත්වේ ගැන කතා කරන්න කලින් පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න පුරුදු වෙය..!!

      Delete
    3. අපේ දෙමව්ප්යන්ගේ පරම්පරාව ඒ කට්ට එදා කෑවා නම් අද අපිට ස්වයන්පොෂිත, සංවර්ධිත රටක ඉන්න තිබුනා! කොහෙද රට බල්ලට ගියානේ!

      Delete
    4. ධර්මිෂ්ඨ ඇට අටේ ආණ්ඩුව කොරපු දේවල් කියන්න ඕනි නෑ. දන්නෝ දනී. කොහොම උනත් සුද්දොන්ගෙ හුජ්ජ බොන්න වෙච්ච එක තමයි. 77න් පස්සෙ උනේ.

      Delete
    5. ape minissu danne ada kaala heta merunath kamak ne kiyana eka.yam deyak goda naganna kaalayak duk mahansi wenna ona.kisi deyak eka sereta lebenne na.hema deema pita ratata baara deela api thamnge kiyala deyak nishpaadanaya nokara innakota mona rajaa awath rata goda ganna be.rataka nishpadanaya kiyanne rate aarthikaya.ape minissu eda tika kalak duk winda nam.ada mekath Singapore wage wenna ona.me wage hithana minissu inna ratakata sanwardanaya kiyana eka dawl heenayak witharai.e heene bala bala jeewath wela merila yanawa.heta upadina ayatath me tikama thamai wenne.

      Delete
  3. CGR ekenuth engine ekak haduwa ( mama hithanne M3 ). Ekath may wage yakada wala giya

    ReplyDelete
    Replies
    1. M3 සහ Class Y1 දෙකම ලංකාවේ නිෂ්පාදන! සාර්ථක අසාර්ථක භාවය කොහොම උනත් අපේ උත්සාහයන් නිසා, ඒවා සංරක්ෂණය විය යුතුව තිබුණ! :(

      Delete
  4. ane mehemeth aparadayak



    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ ඕවා ගැන! :(

      Delete
  5. U.N.P ekata hena gahala tiyenne oya wage paharara weda karapunisa thamai ,wijepala mendista mokada une,koi kauru unata janatha depala kabasiniya karana eunta hena gahanawa

    ReplyDelete
  6. mewa digatama keruna nam kochchara watinawada

    ReplyDelete
  7. meka apahu lankawe gossip lanka wage e -news walath dammot hugak watinawa uthpala .habai ehema dammot uputa ganeemak kiyala danna

    ReplyDelete
  8. Dear Uthapala

    You have done a good job.Do not take the comments made by individuals whether it is UNP or SLFP
    But UNP is responsible for destroying CTB
    If they did not brought private omini buses in 1979 CTB would have flourished
    I remember this bus when it was at Ratmalana and was numbered RL 66 at that time in 1980s
    It was the afternoon school bus of DSSV Borella
    The steering wheel was from Fiat 642RN (see the preserved Fiat at Kandy North depot)
    Wherehara Chief Engineer was Mr Wimal Premarathne (Not Nimal) as stated by you
    I know him well who was our familiy friend
    I had some old photos of this bus but I cannot loccate them now
    If I come across any will email same to you
    But the appearance is diiferent to what is on top
    It was pained Lanka Leyland instead of lanka -1
    Ranil

    ReplyDelete
  9. kiylaaaa wadkk na 1970 dhkayee bus ekk widhta bluwothh niyama gthiykk thyena bus 1k indian lada wlta wada dn hadwa nm kochchra watinwada??? ctb 1ta ayee bus 1k hadnna try 1k aththema nadda????

    ReplyDelete
  10. @ AnonymousDecember 2, 2013 at 10:27 PM, Oyalata wela thiyenne oka thamai. Pol kattak pirenna hujja karana eka newei prashne. oya wage modayanta eda wechcha de thamath therenne nathi ekai. Nothing Politics but, oya dannawada, 1977 UNP 1 balayata enakota, lankawe maha bhandagaraye athirikthayak thibuna. serama naya tika gewala thibune. dan mokada wela thiyenne? open economy kiyala 1k genalla rata kewa... 1977 lankawe thobuna thaththwema India walath thibuna. elaya me modakama kale na. dan kohomada ratawal 2e wenasa?

    ReplyDelete
    Replies
    1. රට ණය කලේ 1977 පස්සේ ආපු බංකොලොත් ආණ්ඩු!

      Delete
    2. දැන් අපි ඉන්දියන් බස් මත යැපෙමින් කට අරගෙන බලං ඉනන්වා! :'(

      Delete
  11. dear Uthpala you are doing a great job and i hope you will keep it up. this is to all the people who is saying that the restrictions we had before 77 is bad and open economy is good, even India had all the restrictions in early stage and they walk through that period as a country and not as individuals because of that now they are in a very strong position in the region. if Sri Lanka has done the same thing we will not importing vehicles and other goods from other countries but we will export. feels really sorry fort the people in our country

    ReplyDelete
  12. giya dee giyawee ape aluth parapura hithata ganta onee kawadaahari
    thibunata wada honda lankawak bihikaranawaa kiyala
    "Nuba naadan nuba naadan umbata owa honda paadan"

    a ruwan

    ReplyDelete
  13. පසුගිය අතීතය සෝචනීයයි. ඒත් අපිට දැන් වත් මේ 2016 දී වත් එවැනි සතුටක් ලබන්න උත්සාහ ගමු ද ?

    ReplyDelete
  14. Hi Uthpala,

    I have enjoyed your photos of RT/RTL/RTW buses on your blog do you have any photos of these buses when they were dumped at Werahara Workshop or at the Clifford Estate.

    I am also interested in the Routemasters do you have any photos of these out of service or any still dumped at garages or those that have been auctioned off

    Bob Martin (England)

    ReplyDelete
  15. Hi Uthpala,

    I have enjoyed your photos of RT/RTL/RTW buses on your blog do you have any photos of these buses when they were dumped at Werahara Workshop or at the Clifford Estate.

    I am also interested in the Routemasters do you have any photos of these out of service or any still dumped at garages or those that have been auctioned off

    Bob Martin (England)

    ReplyDelete
  16. රෑට දුවල ආපු බස් එක උදේට විකුනපු ප්‍රවාහන ඇමතිල හිටපු ආන්ඩුවක් තමයි unp කියන්නෙ....වේරහැර සිටියෝ දන්නෝ දනිත්...

    ReplyDelete
  17. 23ශ්‍රී 5812 බස්රථ ය සවස 5.20 මට මතක විදියට පිටකොටුවේ මධ්‍යම බස්රථ නැවතුම් පොළින් කතරගම බලා යනවා මමත් දැක තිබෙන වා.හැබැයි ඒකාලයේ දන්නෙ නැහැ මේ බස් එක ලංකාවේ පළමු බස්රථ ය බව.මම පාසල් කාලයේ තිබුණා 136 කඩවත -පුරහල ,බස් සේවාව එ,ඒකාලයේ පිටකොටුව හරහා.සති අන්තයේ ඒක කඩවත -මහරගම 138 ධාවනය වුණා ඩිපෝ දෙකෙන්ම.

    ReplyDelete
  18. කඳුළු නැගෙන දෙනෙතින් යුතුව කියවා හමාර කළෙමි.

    ReplyDelete
  19. UNP ආණ්ඩුව hamadama kale oya wge gon wada thama.CTB eka විතරක් nowei anek laba labana රජයේ ආයතන godak wikunala dala thiyenne

    ReplyDelete
  20. මේ කරපු අපරාධයට මුන්ට හෙණ ගහන්න ඕනේ

    ReplyDelete
  21. මේක කියෙව්වාම ලොකු ආඩම්බරයක් දැනෙනවා, එත් වගකීමක් ජාතික හැගීමක් නෙති මිනිස්සු නිසා අපේ උරුමය අපිට නෙති උනා එකට නම් ගොඩක් තරහක් එනවා, හෙනම ගහන්න ඕන, අපි විවුර්ත ආර්ථිකය කි වට අපේ විනාසය ඕක තාම, වේරහැර නැවත අරඹන්න ඕන

    ReplyDelete
  22. නහරවැල් සිසාරා දුවන මේ උද්‍යෝගයත් සමග නැවත ඒ යුගය උදා කරලීමේ වගකීමෙන් බැහැර විය නොහැක, කටයුතු සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය පවතී.

    ReplyDelete