Tuesday, October 9, 2012

Wesco ISUZU MT111 L bus from SLTB Katubedda depot.

This photo was taken on October 08, 2012, in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot Wesco ISUZU MT111 L bus (KTB 38 / 62-4287) at the central bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the CMBC fleet in 1996. Allocated for the services between Morawaka and Colombo via Matugama and Pelawatta. The bus rehabilitated in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT111 වර්ගයේ බස් රථයකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 L වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව මෙරටදී බඳ බඳ නිමවා, අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස 1996 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනය සීමා කර තිබී ඇති මෙම බස් රථය ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර 2011 වසරේ දෙසැම්බර් මස ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම පිණිසයි. 2012 වසරේ ඔක්තෝබර්ඡා මස ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ කොළඹ  සිට මොරවක බලා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on October 08, 2012, in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

9 comments:

  1. අපි දැන් ඉන්දියානු බස් මත යැපෙනවා. වේරහැර දිගට ගෙනාවනම් දැන් සැලකිය යුතු දියුණුවක් ලබාගෙන. දැන් ලංගමට බස් එකක් හදන්න කාලෙ හරි.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව සහතික ඇත්ත. අපේ රටේ හදපු බස් ඔය ඉන්දියන් ජරාවල් වගේ නෙමෙයි.. හොඳ හයියයි.. එකනේ අදටත් දුවන්නේ.. 2001 වෙනකන්ම තිබුන වේරහැර වනසපු එක නම් ජාතික අපරාදයක්. ඔව්වාට සම්මාදම් වෙච්ච එවුන්ට යහපතක් නම් වෙන්න එපා!

      Delete
    2. langamata bus hadanna berida

      Delete
    3. දැන් බස් හදන්න තරම් හයියක් ලංගමට නැහැ. දැන් කරන්නේ බොඩි අලුත්වැඩියාව විතරයි ලංගම වැඩපොලවල් වල..

      Delete
  2. ඇයි...මෙතරම් හොද බස් දැන් ගේන්නේ නැත්තේ ? මේවා දිගටම ගේනවා නම් අද SLTB එක මිට වඩා හොද තැනක....

    ReplyDelete
    Replies
    1. මේවා ගෙනාවේ නැහැ. ලංකාවේ හැදුවේ. පුද්ගලික කරණය කරලා තිබුන ශ්‍රී ලංගම වේරහැර වැඩපොළේ දී. අපේ හිටපු දේශපාලකයන්ට පින්සිද්ද වෙන්න ඒවා විනාස කරලා. දැන් බාල ඉන්දියානු බස් මත යැපෙනවා. ඉතාම කනගාටුදායකයි ලංගමට වෙලා තියෙන කෙනෙහිලි කම් ගැන කියනවා නම්. :(

      Delete
  3. ctb 1n nikn hari bus 1k hadanna uthsaha kaloth hodai nee indiawatama athpanne nathwa unta unge malakada tika thiya ganna kiyala

    ReplyDelete
    Replies
    1. රජයන් වලින් නිසි ප්‍රතිපාදන දෙනවා නම් වැඩ කරන්න පුළුවන් මිනිස්සු තාම ලං.ග මේ ඉන්නවා. :)

      Delete
    2. ලංකාවේ බස් හදන්න බැරිකමක් නැහැ. ඒත් එහෙම කරන්න පුළුවන් මිනිස්සු හිටියට මේ රටේ එහෙම කරන්න ලැබෙයිද කියන ප්‍රශ්නයක්. ගොඩක් ලොකු ලොකු නිලධාරීන්ට තමන්ගෙ රටේ යහපතට වඩා ඉන්දියාවේ බස් කොම්පැනියෙන් ලැබෙන කොමිස් එක ලොකුයිනෙ.

      Delete