Saturday, August 4, 2012

Dimo TATA LPO 1313/55 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot dimo TATA LPO 1313/55 bus (RB 33 / 62-2098) in front of the depot. Body built by Dimo Lanka Auto Assembly Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. මෙම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම විසින් මෙරටදී නිපදවා ඇත. 1995 වසරේ එවකට පොකුරු බස් සමාගම් ධාවනයට එක් වූ බස් රථයකි. මෙම වර්ගයේ බොහෝ බස් රථ විවිධ හේතූන් නිසා මේ වනවිට ධාවනයෙන් ඉවත් වී ඇත. ඇතැම් ඩිපෝ වල පමණක් මෙලෙස බස් රථ කිහිපයක් ධාවන මට්ටමේ පවතී. රඹුක්කන ඩිපෝවට අයත් මෙම බස් රථයද එහි මුල් පෙනුමද සහිතව තවමත් ධාවන මට්ටමේ පවතී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදීද බස් රථයේ මුල් පෙනුම වෙනස් නොවන ලෙස පවත්වා ගැනීම පැසසිය යුතු කරුණකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ කෑගල්ල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

RB 33 at the Rambukkana bus stand -- මෙම බසයේ අනෙක් පස පෙනුම රඹුක්කන බස් නැවතුම්පොළේදී.
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on August 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. මෙම මාදිලියේ බස් ධාවනයට එකතු වුණේ 1992 දී යි. බඳ වර්ණ ගන්වා තිබුණේ කහ පාටින්.

    ReplyDelete
    Replies
    1. මේවා 1992 පස්සේ තමයි ධාවනයට එකතු වෙලා තියෙන්නේ. මේ බස් හඳුන්වා දීල තියෙන්නේ 1992 වසරේ විතර වගේ තමයි. 1992 එකතු උන බස් ආවේ 61- කාණ්ඩයෙන්.. ඔබ හරි මුලින් මෙහි වර්ණ ගන්වා තිබුනේ කහපාටින්

      Delete
  2. ධාවනයට එක් කිරීමට පෙර ඩීමෝ සමාගම මේ වර්ගයේ බස් රථයක් 1992 දී බුත්තල පැවති පැවැත්වුණු "ගම් උදාව" සංදර්ශන භූමියේ ප්‍රදර්ශනයට තබා තිබුණා. ඒ එක්කම එම සමාගම සම්පූර්ණ පත්තර පිටු දැන්වීමක් මඟින් මේ බසය හඳුන්වා දුන්නා.

    ReplyDelete
    Replies
    1. ලංගමට අදාළ තොරතුරු වල දැක්වෙන්නේ මේක 1994 වසරේදී ලංගම හා එක් වුනා කියල.. ඇතැම් විට හඳුන්වා දීමෙන් වසර කීපයකට පසු මේවා ලංගම හා එක් වුවා විය හැකී..

      Delete
  3. 61 Series was Tata 1210.After 62-2000 series it was Tata 1313.Also there was few 62 Series Merdes Benz as well.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන මර්සිඩීස් එක නම් දැන් ලංගම සතුව නෑ... නමුත TATA 1210 හා TATA 1313 වර්ග දෙක තියෙනවා.. එකෙනුත් 1210 එකත් ගොඩක් අඩුයි.. :/

      Delete